May 05, 2024

ගාල්ලේ කුරුඳු ප්‍රවර්ධනයට අතහිත

ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා නොමිළේ පැල ලබාදීම, වාරික ක්‍රමය යටතේ ණය ලබා දීම සහ ආයෝජන, ආධාර ලබා දීමට ඉදිරි කාලයේ දී කටයුතු කරන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා රෝහිනී පලගසිංහ මහත්මිය පැවසුවාය.

කුරුඳු සැකසුම් වැඩි කිරීමට ඉහළ ප්‍රතිපාදන යොමු කිරිමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව දෙපාර්තමේන්තුවේ සංවර්ධන වැඩසටහන් සංශෝධනය වී ඇති බවත් කලාපීය මට්ටමින් වගා කටයුතු සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් රෝහිනී පලගසිංහ මහත්මිය පෙන්වා දෙයි.

එමෙන් ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබා දීම හේතුවෙන් ඉලක්කගත සංවර්ධන යෝජනා ඉටුකර ගැනීමට හැකිවනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

 

Rate this item
(0 votes)