May 06, 2024

EPF සාමාජිකයන්ට අද සිට 30% ක් කළින් ගැනීමේ පහසුකම් - කොන්දේසි මෙන්න (VIDEO)

සේවක අර්ථසාධක අරමුදලේ වසර 10ක් සම්පූර්ණ කර ඇති සාමාජිකයින්ට අද(27) සිට එම අරමුදලින් 30% ක මුදලක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බව කම්කරු අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදලේ සිය ශේෂයෙන් 30%ක් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර ලබා ගැනීමේ පහසුකම එම අරමුදලේ සාමාජිකයින්ට අද සිට උදාවන අතර සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ලක්ෂ 3 කට වැඩි ශේෂයක් පවතින සාමාජිකයින්ට මෙම පහසුකම ලබාගත හැකි වේ.

මෙතෙක් පැවති රෙගුලාසීවලට අනුව විවාහයක දී කාන්තාවකට හැර වෙනත් පුද්ගලයෙකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වු විට සේවක අර්ථ සාධක අරමුදලෙන් මුදල් ලබා ගැනීමට හැකිවිය. 

මෙම පහසුකම ලබා ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකු සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා කිහිපයක් ඇත. සේවක අර්ථ සාධක අරමුදල සඳහා අවම වශයෙන් වසර 10ක් සාමාජික මුදල් ගෙවා තිබීම ඒවායින් පළමු අවශ්‍යතාවයි. එහි සිය ගිණුමේ ශේෂය රුපියල් ලක්‍ෂ 03ක් හෝ ඊට වැඩියෙන් පැවතීම තවත් අවශ්‍යතාවක්. 

අදාල මුදල ලබාදෙන්නේ ණයක් ලෙස නොවන බවද ලබාදෙන මුදල ගිණුමේ ශේෂයෙන් අඩුවන බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 May 2015 17:20