May 06, 2024

වරාය ගාස්තු හා සේවා පිළිබඳ පුහුණු වැඩසටහනක් 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නවතම හා සංශෝධිත වරාය සේවා ගාස්තු පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ නැව් සමාගම් ඇකඩමිය මඟින් සංවිධානය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 29 වැනිදා පෙ.ව. 8.30 සිට ප.ව. 04.30 දක්වා කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්වෙන මෙම වැඩසටහන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අලෙවි හා ව්‍යාපාර ප්‍රධාන කළමනාකරු උපුල් ජයතිස්ස මහතා විසින් මෙහෙයවනු ලබයි. 

මෙම එක් දින වැඩසටහන වරාය සමඟ වැඩ කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බිල්පත් ක්‍රියාවලියට සම්බන්ධවන ආනයන අපනයන සහ ඊට අදාළ කර්මාන්තයන් හි නියැලෙන්නන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරේ. 

ගණනය කිරීම් භාණ්ඩ හා සේවා මත සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති නම්, අදාළ සමාගම් විසින් වරායට අනවශ්‍යය ලෙස ගෙවීම් සිදු කිරීමට පුළුවන. එම නිසා මෙම වැඩසටහන එකී පුද්ගලයන්ට ඉතා වැදගත් වනු ඇත.

Rate this item
(0 votes)