April 26, 2024

මහපොළ නංවන්න අළුත් වැඩක්

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලට, අරමුදල් රැස්කිරීමේ අරමුණින් මහපොළ මංගත ලොතරැයිය නැවත ආරම්භ කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම ලොතරැයියෙන් ලැබෙන ආදායමෙන් විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනයන්හී ප‍්‍රවේශය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව වැඩි ප‍්‍රමාණයක් ලබාදීමට හැකිවන අතර ශිෂ්‍යත්ව වාරික මුදල වැඩිකිරීමට හැකිවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2009 වර්ෂයේදී 10,000 ක් ව පැවති ශිෂ්‍යත්ව ප‍්‍රමාණය එක් අධ්‍යයන වර්ෂයක් සඳහා ශිෂ්‍යත්ව 300 කින් වැඩිකිරීමත් 2011 වර්ෂයේ දී එය 1000 කින් වැඩිකිරීමටත් වෙළෙඳ අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව 2013 වර්ෂය වන විට විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබමින් සිටින්නා වූ ශිෂ්‍යත්ව ලාභීන් 45,000 ට පමණ මහපොළ ශිෂ්‍යත්ව පිරිනමා ඇත. ඉදිරි වර්ෂයේ දී ලබාදෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 47,000ක පමණ ප‍්‍රමාණයකින් වැඩිකිරීමට නියමිතය.

මීට පෙර 2004 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ රජය සමයේද මෙම මහපොළ සඳහා මංගත ලොතරැයියක් හඳුන්වාදුන් අතර, එය අතරමග නවතා දැමුණි. අක‍්‍රියව පැවති මෙම ලොතරැයි ක‍්‍රමය නැවත ආරම්භ කිරීමට නියමිතය.

Rate this item
(0 votes)