May 06, 2024

ෂැන්ග්‍රි-ලා ව්‍යාපෘතියේ නිවාස විකිණේ

හොංකොං සමාගමක් වන ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.

මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම සඳහන් කරයි.

සමාගම පවසන්නේ මෙහි කුඩාම නිවාසයක් වර්ග අඩි 1,700 ක් වන බවයි. ‍

ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස 406 ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් නිර්මාණය කිරීම සැලසුම වෙයි.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය 2017 වසරේ දෙවන කාර්තුවේදී විවෘත කිරීමට නියමිත අතර නිවාස සංකීර්ණය (apartments) එම වසරේ අවසාන කාර්තුවේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

Rate this item
(0 votes)