May 06, 2024

කඩා වැටුණු ප්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම අරඹයි

ප‍්‍රමුඛ බැංකුව 2002 දී වසා දැමීම හේතුවෙන් වසර ගණනාවක් පුරා දුක් මහන්සියෙන් උපයාගත් ධනය අහිමි වූ 8,200 කට අධික තැන්පත්කරුවන්ට එම මුදල් යළි ලබාදීමේ සමාරම්භක උලෙළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අධි නීතීඥ අසෝක සෝමරත්න මහතා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ කේ.අමරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයද සහභාගී වූහ.

මෙම අවස්තාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ "ජනවාරි මාස 8 වැනිදා ඔබ නව ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක් පත්කර ගත්තා. ඉතින් ඒ ආණ්ඩුවේ සාමාජිකයන් විදියට අපේ වගකීම වන්නේ ඔබට සේවය කිරීම මිස අපට සේවය කර ගැනීමට නෙවෙයි. ඒ වෙනස දැන් ඔබට පෙනෙන්නට තියෙනවා. 8,200 කට අධික ප්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ට අද තමන්ගේ තැන්පත් ලැබෙනවා. ඒ වගේම ගෝල්ඩන් කී තැන්පත්කරුන්ද තමන්ගේ තැන්පතු ලබාගැනීම සම්බන්ධව මේ වනවිට කිසියම් එකඟත්වයකට පැමිණ සිටිනවා. යනුවෙනි.

 

Rate this item
(0 votes)