May 06, 2024

ප්‍රංශ වසන්ත උළෙල ජුනි මාසයේ කොළඹ දී

සිව්වන වරටත් සංවිධානය ප්‍රංශ වසන්ත උළෙල ලබන ජුනි මස 4 වැනිදා සිට ජූලි 14 වැනිදා දක්වා ගාලු මුවදොර හෝටලය, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී, ලංකා විලාසිතා තාක්ෂණ ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව, Deanna නර්තන පාසල් හා විවිධ කලා ගැලරි ලංකා ආයතනය ඇතුළු කොළඹ විවිධ ස්ථානයන්හි දී පැවැත්වීමට නියමිතය. 

මහනුවර, මාතර, ගාල්ල, යාපනය හා මාලදිවයිනේ මාලේ හිදී සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් පැවැත්වීමට ද නියමිතය. මෙම උත්සවයේ බොහෝ අංග අය කිරීමකින් තොරව නොමිලේ මහජනතාවට විවෘතව ඇත. 

මෙම ප්‍රංශ වසන්ත උළෙල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, ගාලු මුවදොර හෝටලය සහ ජෙට් එයාර්වේස් සමඟ එක්ව, ප්‍රංශ තානාපති කාර්යාලය, කොළඹ Alliance Française de Kotte සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ Alliance Française ජාලය විසින් සංවිධානය කරනු ලැබෙන කලාව සහ සංස්කෘතිය සමරන, හුවමාරු කරගන්නා ප්‍රමුඛ පෙළ බහු-සංස්කෘතික උත්සවයකි. 

සිව්වන වරටත් සංවිධානය කෙරෙන මෙම ප්‍රංශ වසන්ත උළෙලේ දී නර්තන මුද්‍රා නට්‍යය, නාගරික කලාව හා නිර්මාණ ප්‍රදර්ශන හා Sonith සහ වඩාත් ප්‍රසිද්ධියට පත් Fête de la Musique වැනි ප්‍රංශය ඇතුළු ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වල සංගීතඥයන් ඇතුළු විවිධ ලෝක සංගීතඥයන්ගේ ඉදිරිපත් කිරීම් ද දැකබලා ගැනීමට හැකිය. 

මෙහිදී සජීවිකරණ චිත්‍රපට හරහා සංස්කෘතික විවිධත්වය සැමරීමට Marguerite Abouet විසින් Aya De Yopougon සජීවීකරණ චිත්‍රපටය හඳුන්වා දීමට ද නියමිතය. 

ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වන Noé මහතාගේ වර්ණවත් කලා නිර්මාණ සිතුවම් රැසක් දිවයිනේ විවිධ ස්ථානයන් හිදී ප්‍රදර්ශනය කෙරේ.

 

Rate this item
(1 Vote)