May 19, 2024

මැණික් කර්මාන්තයට බදු සහන

මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා මැණික් අපනයනකරුවන්ට බදු සහන ලබා දීමට සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ පැවති ජාත්‍යන්තර වර්ණ මැණික්ගල් සංගමයේ 16 වැනි ගෝලීය කොංග්‍රසය අමතමින් අමාත්‍යවරයා රට තුළ ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සහාය දක්වන බවට සහතික විය. 

ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික්ගල් සංගමයේ 16 වැනි අර්ධ වාර්ෂික සම්මේලනය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අමාත්‍ය රවී කරුණානායක මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ආරම්භ විය. එය ලබන 19වැනි දා දක්වා පැවැත්වේ. 

ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික්ගල් සංගමයේ සභාපති බෙන්ජමින් හැක්මන් මහතා ඇතුළු ගෝලීය සාමාජිකයන් 400දෙනෙකු පමණ ජාත්‍යන්තර වර්ණ ගැන්වූ මැණික්ගල් සංගමය විසින් සංවිධානය කළ මෙම සමුළුවට සහභාගී වේ. 

2015 ICA Congress හිදී විවිධ මැණික් සම්බන්ධ ආයතන නායකයන් හා මැණික් කර්මාන්තයේ විශේෂඥයන් විසින් දේශන ඉදිරිපත් කිරීම් මෙන්ම මෙම අවස්ථාව සැබෑ වටිනා සහ අද්විතීය අත්දැකීමක් බවට පත් කිරීමට, විශේෂ අංග රැසක් පැවැත්වෙන බව සංවිධායකයින් වාර්තා කරයි. 

සමාගම් 50 වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ මැණික්ගල් හා ස්වර්ණාභරණ රැසක් ප්‍රදර්ශනය කෙරෙන "ෆැසෙස්ට් ජෙම් ෂෝ" නම් මැණික්ගල් වෙළඳ ප්‍රදර්ශනය ද සමුළුවට සමඟාමීව සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දීම මැයි 15 වැනිදා සිට 18 වැනි දා දින දක්වා පැවැත්වේ. 

 

Rate this item
(0 votes)