May 19, 2024

නොමිලේ වයිෆයි දෙන අළුත්ම තැන මෙන්න 

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වයිෆයි කලාප දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෙළෙද මධ්‍යස්ථාන සදහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබේ. 

මේ අනුව දිවයිනේ සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සදහා මෙම අන්තර්ජාල පහසුකම් ලබා දීම‍ට නියමිත බවද නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, මරදාන ට්‍රිපෝලි වෙළෙද මධ්‍යස්ථානය සහ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සදහා දැනටමත් එම පහසුකම් ලබා දී අවසන් බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

ඉදිරි දින කිහිපය තුලදී බේරුවල පට්ටකඩේ මැණික් පොළ සදහා ද මෙම පහසුකම් ලබා දීමට නියමිත බව නියෝජිතායතනය පවසයි.

මෙම වයිෆයි පහසුකම් ලබා දීම මගින් මෙම වෙළෙද මධ්‍යස්ථානයන්හි  අලෙවිකරුවන්ට මෙන්ම ගැණුම්කරුවන්ට සිය කටයුතු කාර්යක්‍ෂමව සිදු කර ගැනීමට විශාල රුකුලක් වන බවද නියෝජිතායතනය වැඩිදුර‍ටත් සදහන් කරයි.

මේවන විට දිවයින පුරා ස්ථාපිත කර තිබෙන වයිෆයි කලාප ගණන 100කි.

එක් පුද්ගලයෙකු සඳහා තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතු  මසකට මෙගා බයිට් (MB) 100ක ධාරිතාවයකින් යුතු අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකිවේ.

 

Rate this item
(0 votes)