May 19, 2024

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ගෝලීය සම්මානයක් 

චීනයේ ෂැංහයි නුවර දී පැවැති tourism expo හි දී හොඳම පරිසර හිතකාමී සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ගෝලීය සම්මානයක් දිනාගෙන ඇත. 

මෙම සම්මානය ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් පූර්ණිමා ගුණසේකර මහත්මිය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ වෙළෙඳ ප්‍රධානී චින්තක ලියනාරච්චි මහතා විසින් ලබාගන්නා ලදී. 

වාර්ෂික ව ෂැංහයි හිදී පැවැත්වෙන world tourism expo සඳහා ලොව පුරා සංචරණ හා සංචාරක වෘත්තිකයන් 45,000ක් පමණ පැමිණෙන අතර ප්‍රදර්ශන භාණ්ඩ 600ක් පමණ ඉදිරිපත් කෙරේ.  

එළඹෙන පස් වසර ඇතුළත ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ ම ගමනාන්ත 20 ඇතුළට පැමිණිය යුතු බවත් කර්මාන්තය හා ඉදිරි වර්ෂ කිහිපයේ දී මතුවන බලවත් ඉල්ලුම් උත්පාදනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා මෙහිදී පැවසීය. 

2015 අප්‍රේල් අවසන් වනවිට චීනයෙන් පැමිණෙන සංචාරක ප්‍රමාණය 81.8%කින් වර්ධනය වී ඇති නමුත් මෙම සංඛ්‍යා විධිමත් අංශය තුළ පිළිඹිමු වනු දැකීමට තමන් ඉතා උනන්දු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)