May 19, 2024

සමාගම් අධ්‍යක්ෂවරුන්ට පාඨමාලාවක්

ආයතනික අධ්‍යක්ෂවරුන් සඳහා වූ විශේෂ පාඨමාලාව සාර්ථක ලෙස නිමකළ දිවයිනේ ප‍්‍රධාන පෙළේ සමාගම් රැසක් නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් ඇගයීමේ සහ සහතිකපත් ප‍්‍රදානය, ශ‍්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හුවමාරු කොමිසම් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා හා ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

මෙහිදී අධ්‍යක්ෂවරුන් 25දෙනෙකු අධි සම්මානයෙන්ද, අධ්‍යක්ෂවරු 79ක් කුසලතා සම්මානයෙන්ද ඇගයීමට ලක් කෙරිණ.

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, ශ‍්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හුවමාරු කොමිසම හා එක්ව ආයතනික අධ්‍යක්ෂවරුන් සඳහා වූ විශේෂ පාඨමාලාව හඳුන්වාදී ඇත.

Rate this item
(3 votes)