May 19, 2024

Intel ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ලාංකීය සිසුන් 5ක්

Intel ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක් වාර්ෂිකව පාසල් අතර පවත්වනු ලබන නව නිපයුම් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවරත් පාසල් සිසුන් පස් දෙනෙකුගේ නිර්මාණ තේරී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රථම ස්ථානය බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සංජු ප්‍රබෝධ සෙව්වන්දි, දෙවන ස්ථානය යාපනය හාඩ්ඩ්ලි විද්‍යාලයේ මහේන්ද්‍රන් ශිවදර්ශන් , කළුතර ඥානෝදය විද්‍යාලයේ එස්.ඩී.තරිදු පසන් දිසානායක තෙවන ස්ථානය, එම විද්‍යාලයේ එම්.එම්.බුද්ධි ප්‍රමෝද්‍ය විජේරත්න සිව්වන ස්ථානය වන අතර පස්වන ස්ථානය ආර්. ජනිත් ඉෂංක ප්‍රේමලාල් යන සිසුන් දිනා ගත්හ.

රටවල් 70ක සහභාගිත්වයෙන් පසුගිය 10 වැනි දා සිට ලබන 15 වැනි දක්වා පීටස්බර්ග් හිදී පැවැත්වෙන මෙම නව නිපයුම් තරගාවලිය සඳහා 1600කට වැඩි සිසුන් පිරිසකගේ නිර්මාණ ඇතුළත්ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගිවන සිසුන් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් සිදු අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Rate this item
(0 votes)