May 19, 2024

තේ මිල තවත් පහළට

මෙරට තේ මිල තවදුරටත් පහත වැටෙමින් පවතින බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

තේ කිලෝවක සාමාන්‍ය මිල පසුගිය වසර දෙකේ සාමාන්‍ය මිලට වඩා පහළ මට්ටමක පවතින බව වාර්තා වේ.

කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග‍්‍රෑමයක සාමාන්‍ය මිල අපේ‍්‍රල් මාසයේදී රුපියල් 408.35 ක් ලෙස සටහන් විය. 2014 වසරේ අප්‍රේල් මාසයේදී එම මිල රුපියල් 464.6 ක් වූ අතර මිල අඩුවීම රුපියල් 55.71 කි. 

වසරේ මුල් මාස 4 වනවිට තේ කිලෝග‍්‍රෑමයක සාමාන්‍ය මිල ද පෙර වසරට වඩා රුපියල් 63.95 කින් පහළ වැටී තිබේ. රුපියල් 416.88 ක් ලෙස එම මිල සටහන් විය.

මෙරට තේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගන්නා රුසියාවේ සහ මැදපෙරදිග දේශපාලන සහ ආර්ථික අර්බුද මෙලෙස ශ‍්‍රී ලංකා තේ මිල පහත වැටීමට ප‍්‍රධාන හේතුව බව වාර්තා වේ.

Rate this item
(0 votes)