April 26, 2024

අමාත්‍යාංශයෙන් පොත් ප්‍රදර්ශණයක්

ජාතික අධ්‍යාපන ප්‍රදර්ශනය, මහා පොත් සල්පිල හා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාව හෙට (02) සිට ලබන 11 දින දක්වා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙහි ආරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.00ට පැවැත්වෙන අතර මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්රු 8.00 දක්වා පාසල්, පුස්තකාල ගුරු සිසුන් ඇතුළු මහජනතාවට විවෘතව තැබේ.

විෂය නිර්දේශ, ගුරු අත්පොත්, පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, ඇගයීම් වාර්තා, අතිරේක කියවීම් පොත්, පිරිවෙන් පොත් දෙස් විදෙස් කෘති රැසක් රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික පොත් ප්‍රකාශකයන්ගේ සහභාගිත්වය සහිතව මේ ප්‍රදර්ශනය ඇතුළත් කර තිබේ. 20%ක හා 50%ක වට්ටම් සහිතව ඉතා සහන මිල ගණන් යටතේ මෙම දැවැන්ත පොත් ප්‍රදර්ශනය මඟින් කෘති මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

 

Rate this item
(0 votes)