May 01, 2024

ජනප්‍රිය අයවැය පොරොන්දු නිසා ලංකා ආර්ථිකයට පීඩා

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉකුත් වසරට සාපේක්ෂව මේ වන විට සියයට 6.9 කින් පහත වැටී ඇති බව ලෝක බැංකු නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කර තිබේ.

එම වාර්තා ඊට හේතු ලෙස දක්වා ඇත්තේ නව රජය මගින් ක්‍රියාත්මක වෙමින් පැවැති ඉදිකිරීම් සහ යටිතල ව්‍යාපෘතීන් ක්ෂණිකව අත්හිටුවීම සහ නැවත ඇගයීම් සඳහා නවතා දැමීම බවත් ය.

ලෝක බැංකුවේ South Asia Economic Focus report නැමති වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙන අතර මෙමගින් අනතුරු හඟවා තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යන ඕනෑම අවස්ථාවක ඒ තුළින් මෙරට ආර්ථිකයටද පීඩනයක් ඇතිවනු ඇති බවය.

ජනප්‍රිය අයවැය පොරොන්දු ලබාදෙමින් වියදම වැඩිකර ගැනීමෙන් ඔබ්බට ගොස් ඉදිරියේදී මෙරට රාජ්‍ය ආදායම් වර්ධනය කරගනිමින් අයවැය හිඟය අඩුකර ගැනීමට පියවර ගැනීම වැදගත් බව මෙහිදී බැංකුව විසින් අවධාරණය කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 April 2015 16:42