May 01, 2024

දිවයින පුරා ගෑස්‌ හිඟයක්‌ 

පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට මේ දක්‌වා රටපුරා ප්‍රදේශ රැසක ගෑස්‌ හිඟයක්‌ පැවතීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති. 

සිංහල අවුරුදු දිනවල මෙසේ ගෑස්‌ හිඟය නිසා නගරබද ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර තමන් ඇනවුම් කළද ගෑස්‌ තොග නොලැබුණු බවට ගෑස්‌ වෙළෙන්දෝ පවසති.

කෙසේ වෙතත් ඇතැම් ගෑස්‌ වෙළෙන්දන් ගෑස් සඟවා ඇති බවටද ජනතාන චෝදනා කර තිබිණි.

මේ හේතුවෙන් ක්‌ෂණික ආහාර වෙළෙන්දෝ ඇතුළු ගෑස්‌ භාවිතයෙන් විවිධ කර්මාන්තවල යෙදෙන්නෝද අපහසුවට පත්ව සිටිති.

මීට පෙර කිසිදු සිංහල අවුරුදු සමයක මෙවැනි ගෑස්‌ හිඟයක්‌ ඇති නොවූ බව ජනතාව පවසති.

Rate this item
(0 votes)