May 01, 2024

ඉන්ධන බිල් ජංගම දුරකථනයෙන් දැනගත හැකි ක්‍රමවේදයක් 

ඉන්ධන බිල් පිළිබඳව ජංගම දුරකථනයෙන් හා පරිගණකයෙන් පාරිභෝගිකයාට දැනගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

ඇමතිවරයා මේ බව පැවසූවේ පසුගියදා පිටකෝට්ටේ උත්සව සභාවක් අමතමිනි. 

භාවිත කරන විදුලියෙන් සියයට 05 ක් ඉතිරි කරන්නේ නම් අධික වියදම් සහිත තාප බලාගාර පාලනය කිරීමට හැකියාව ලැබෙන බව ඇමතිවරයා පැවසී ය.

“විදුලියෙන් ඇතිවන විශාල ඉතිරිය හිමිවන්නේ පාරිභෝගිකයාටයි. එය රටේ ආර්ථිකයටත් හිමිවෙනවා. මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව හැරුණාම වැඩියෙන්ම ආණ්ඩුවට බදු ගෙවන ආයතනය අපේ අමාත්‍යාංශයයි. අපේ ආයතනය පාඩු නැහැ. රජයට විශාල වශයෙන් බදු ගෙවන නිසයි පාඩු ලබන්න සිද්ධවෙලා තිබෙන්නේ. තවදුරටත් ලංවීමටත්, ඛණිජ තෙල් සංස්ථාවටත් නිකරුණේ බැණුම් නොඅසන ආකාරයේ විදුලි ඉන්ධන අය ක්‍රමය පිළිබඳ මිල සූත්‍රයක් සකසන්න අපි අදහස් කරනවා. ගුණාත්මක සේවයක් ඇති කරමින් පාරිභෝගිකයා බලාත්මක කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා" යැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. 

 

Rate this item
(0 votes)