May 01, 2024

අය වැය හිඟය පියවන්නේ කෙසේද?

රටේ පවතින් අය වැය හිඟය පියවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය පියවරයන් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇති බව පැවසේ.

ඒ අනුව නිෂ්පාදන සහ ආදායම වැඩි කිරීම තුළින් රටේ අයවැය හිඟය පියවා ගැනීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ.

මේ අතර රජයේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තුවට ගෙනා රුපියල් බිලියන 400ක භාණ්ඩාගර බිල්පත් නිකුත් කිරීම සඳහා වූ යෝජනාව පරාජයට පත් විය.

Rate this item
(0 votes)