May 01, 2024

හේලීස් කැෆේ පික්සල් වොන්ඩර් ෂොප් නව නිවහනකට

හේලීස් සමාගම සිය ඡායාරූපාගාරය වන කැෆේ පික්සල් වොන්ඩර් ෂොප්  කොළඹ 7, ධර්මපාල මාවත අංක 125 දරණ ස්ථානයට ගෙනයයි. බුද්ධ ශාසන අමාත්‍යංශයට යාබදව පිහිටි  මෙම නව නිවහන තුලදී පාරිභෝගික අවශ්‍යතා වඩා පහසුවෙන් ඉටුකර දීම සඳහා පහසුකම් රැසක් සලසා  තිබේ.  සිය සේවාව ඉටුවන තුරු පාරිභෝගිකයින්ට රැඳී සිටීමට අවශ්‍ය  පහසුකම් ද  කැෆේ පික්සල් වොන්ඩර් ෂොප් හි සකසා ඇත. මේ හේතුවෙන් සිය සේවා ඉටුකරවා ගැනීම සඳහා මෙහි පැමිණිම පාරිභෝගිකයින්ට  ආකර්ශණීය අත්දැකීමක්  වනු ඇති බවද සඳහන් කරයි.

ඡායාරූප ක්ෂේත්‍රයට අදාල සේවා රැසක්  කැෆේ පික්සල් වොන්ඩර් ෂොප් හිදී ඉටුකරවා ගත හැකිය. උඩුකය ඡායාරූප සඳහා නවීන තාක්ෂණික පහසුකම් වලින් සපිරි ඡායාරූපාගාරයක් කැෆේ පික්සල් වොන්ඩර් ෂොප් සතු වෙයි. පාස්පෝට් ඡායාරූප, හැඳුනුම්පත් ඡායාරූප ආදිය  නියම ප්‍රමිතියට සරිලන ආකාරයට ඡායාරූප ගත කිරීමේ දක්ෂ ශිල්පීන් මේ සඳහා යොදවා සිටියි. මීට අමතරව විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි සැලසුම් මුද්‍රණ, ලැමිනේටින්, ඇල්බම් බයින්ඩින්, ප්ලාස්ටික් හැඳුනුම්පත් මුද්‍රණය ආදී සේවා රැසක් මෙහිදී ලබාගත හැකිය. තවද මංගල ඡායාරූප ඇල්බම් මුද්‍රණය, කොලාජ් මුද්‍රණය කැෆේ පික්සල් වොන්ඩර් ෂොප් වෙතින් ඉටු කරවා ගත හැකිය. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 April 2015 11:26