April 28, 2024

සයිබර් අපරාධ සම්මුතියට එක්වීමට ලංකාවට ඇරයුමක්

බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියට එකතුවීමට ශ්‍රී ලංකාවට ඇරයුමක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
 
ඒ අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණයේ නව පියවරක් තබමින් මෙම සම්මුතිය සඳහා දකුණු ආසියා කලාපයෙන් මුල් වරට එක්වීමට සූදානම් වන රට බවට පත්වේ.
 
මෙරට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාට යුරෝපා කවුන්සිල මහලේකම්වරයා විසින් මෙම සම්මුතියට එක්වීම සඳහා වූ ආරාධනය ලිපියක් ඔස්සේ දැනුම් දී ඇත.
 
‘බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය‘ යුරෝපා කවුන්සිලයේ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය ලෙසින් ද හැදින්වේ.
 
එසේම සයිබර් අපරාධ වැලැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය යි.
 
Rate this item
(0 votes)