April 26, 2024

ශ්‍රී ලංකන් - අමායා රිසෝ‍ට්ස් එක්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ෆ්ලයි ස්මයිල්ස් (FlySmiles) නිරන්තර පියාසර වැඩසටහන යටතේ දිවයිනේ සුන්දරම නිවාඩු නිකේතනයන් වන අමායා රිසෝ‍ට්ස් ඇන්ඩ් ස්පාස් (Amaya Resorts& Spas) සමඟ ඒකාබද්ධ වී පාරිභෝගිකයන්ට විශේෂිත අවස්ථා රැසක් උදා කර දීමට කටයුතු යොදා තිබේ.

 

මෙම අමායා රිසෝ‍ට්ස් හි ඕනෑම ශාඛාවකින් සේවා ලබා ගැනීම තුළින් ශ්‍රී ලංකන් ෆ්ලයි ස්මයිල්ස් සාමාජිකයන්ට ගුවන් සැතපුම් ලබා ගැනීමට මෙන් ම එම ගුවන් සැතපුම් උපයෝගී කරගැනීමට ද (redeem) හැකියාව ලැබේ.

ඒ අනුව අමායා රිසෝ‍ට්ස් ඇන්ඩ් ස්පාස් හිදී වැයවන සෑම රුපියල් 100කටම ගුවන් සැතපුමක් හිමි වන අතර, වියදම් වන මුදල් ප්‍රමණය අනුවද මයිල්ස් හිමිකර ගැනීමට ද දිවයිනේ ඕනෑම අමායා රිසෝ‍ට්ස් හෝටලයක නවාතැන් ගැනීමේදී උපයෝගී කර ගැනීමේ අවස්ථාව හිමි වේ.

 

Rate this item
(0 votes)