April 27, 2024

තරුණ කටයුතු සඳහා කටාර් සහාය

තරුණ කටයුතු සංවර්ධනය සම්බන්ධයෙන් මෙරට තරුණ කටයුතු අමාත්‍යාංශය සහ කටාර් රාජ්‍යයේ යෞවන කටයුතු හා කී‍්‍රඩා අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට රජය තීරණය කරයි.
 
ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු විෂය භාර ඇමතිවරයා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
 
දෙරට අතර තරුණ සංවර්ධන ප‍්‍රතිපත්තිවලට අදාළ කටයුතුවල නියැළෙන තරුණ සංවිධාන, එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් හා විශේෂඥයන්ට අදාළ ව දෙරට අතර සම්බන්ධතා ප‍්‍රවර්ධනය කිරීම, තාරුණ්‍යයට අදාළ භෞතික හා ආර්ථික කටයුතු මෙන්ම ඒ හා සමාන වැදගත්කමක් සහිත තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීම, තරුණ ගැටලුවලට අදාළ තොරතුරු පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් ක්ෂේත‍්‍රයේ පර්යේෂණ ප‍්‍රතිඵල මඟින් දෙපාර්ශවය අතර සහයෝගය ප‍්‍රවර්ධනය කිරීම වැනි ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් සහයෝගීතා වර්ධනය කිරීම මෙම අවබෝධතා ගිවිසුමෙන් අනාවරණය වේ.
Rate this item
(0 votes)