April 28, 2024

රබර් සහතික මිලට කොන්දේසි සහිතයි

නියමිත ප්‍රමිතියට අදාළ රබර් සඳහා පමණක් සහතික මිල ගෙවන බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‍ජෙනරාල් ආර්බී ප්‍රේමදාස මහතා පවසයි.

රබර් සඳහා මෙම සහතික මිල ගෙවනු ලබන්නේ ලියාපදිංචි කුඩා රබර් වතු හිමියන්ට බවත් ඒ මුදල ලැබීමට නම්  නම් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි රබර් වෙළෙන්දෙකුට තම රබර් සැපයිය යුතු බවත් ඔහු පැවසී ය.

රබර් වෙළෙන්දා මිල දී ගන්නා රබර්වලට අදාල සහනාධාරය නැවතත් ගොවියාගේ ගිණුමට බැර කිරීමෙන් මෙම සහනාධාරය රබර් ගොවියාට ලැබේ.

මේ අනුව රුපියල් 350 ක මිල ගෙවනුයේ ආර්.එස්.එස්. එක හා දෙක වර්ගයේ පවතින රබර් ෂීට්වලට පමණි. ආර්.එස්.එස්. තුන්වෙනි වර්ගයේ රබර් ෂීට් සඳහා රුපියල් 325 ක මුදලක් ගෙවන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ ය.

RSS 4 හා RSS 5 වර්ගයේ නිෂ්පාදන සඳහා රුපියල් 300 ක සහනාධාරයක් ලැබෙන බව වැඩිදුරටත් පැවැසූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම සහතික මිල සකස් කරනුයේ අන්තර්ජාතික මිල අනුව ගැළපීමෙන් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 March 2015 11:15