April 28, 2024

අමු රබර් සඳහා සහතික මිලක්

රබර් ක්ෂේත්‍රය නියෝජනය කරන සියලු පාර්ශවකාර සංවිධානවල එකඟතාව පරිදි කුඩා රබර් වතු හිමියන් නිෂ්පාදනය කරන ස්වාභාවික අමු රබර් සඳහා යෝජිත සහතික මිල ක්‍රමය මාර්තු මස 15වන දින සිට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
 
මේ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා 19 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
 
නව රජය විසින් සකස් කරන ලද දින 100 වැඩසටහනෙහි ඇතුළත් එක් යොජනාවක් වනුයේ කුඩා රබර් වතු හිමියන් නිෂ්පාදනය කරන ස්වාභාවික අමු රබර් සඳහා රුපියල් 350ක සහතික මිල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමයි. 
 
එම යෝජනාව මුදල් අමාත්‍යතුමා විසින් පසුගිය ජනවාරි මස 29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙහි ද අන්තර්ගත වේ.
 
Rate this item
(0 votes)