April 28, 2024

බෙස්ට් ලයිෆ් වන්දනා ආයතනය මගින් සහන මිලට එතෙර චාරිකා

බෞද්ධයෙකු වශයෙන් දඹදිව හෝ තායිලන්තයේ වන්දනා චාරිකාවක යෙදීම මෙන්ම කිතුණු බැතිමතෙකු වශයෙන් තම දිවියේ එක් වරක් හෝ වේලක්කන්නී සිද්ධස්ථානය වැඳ පුදා ගැනීමට හැකි වීම මෙරට පුද්ගලයෙකු ලබන භාග්‍යක් ලෙස හැඳින්විය හැක.
 
එම අපේක්ෂාව මල් ඵල ගැන්වීම සඳහා ඇප කැප වන ආයතනයක් ලෙස බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය යටතේ ඇති බෙස්ට් ලයිෆ් වන්දනා පුද්ගලික සමාගම මේවන විටත් ඉතා ඉහළ කීර්ති නාමයක් දිනා ඇත.
 
විදේශ බෞද්ධ ගමන් සංවිධායකයන්ගේ සංවිධානය සහ දඹදිව වන්දනා චාරිකා සංවිධානය යන ආයතන මගින් බෞද්ධ ජනයාට සිදුකරන මෙහෙය ආදර්ශයට ගැනීම හේතුවෙන් මෙම ආයතනයට වන්දනාකරුවන් සඳහා අනගි සේවාවක් සැපයීමට හැකි ව තිබේ.
 
සතර දිග්භාගයේ වෙසෙන ශ්‍රී ලාංකික බැතිමතුන් උදෙසා වඩාත් සුව පහසු සැබෑ වන්දනා චාරිකා සංවිධානය කරමින් ලොව පුරා ඇති වන්දනීය,පූජනීය සිද්ධස්ථාන,පූජාභූමි අර්ථාන්විතව වන්දනා කරවීම හා එයට මාර්ගෝපදේශනය ලබාදීම බෙස්ට් ලයිෆ් වන්දනා ආයතනයේ මූලික අරමුණයි.
 
මීට අමතරව වන්දනා චාරිකාව අතරතුර රුපියල් ලක්ෂ තුනක වටිනාකමින් යුතු රක්ෂණාවරණයක් ද වන්දනා කරුවන්ට හිමිවන අතර ගමන අවසානයේ දී වටිනා සහතික පත්‍රයක් මෙන්ම ගමන් විස්තර ඇතුලත් සීඩී තැටියක් ද නොමිලේ ලබා දීමට බෙස්ට් ලයිෆ් වන්දනා ආයතනය කටයුතු කරයි.
 
Rate this item
(0 votes)