April 26, 2024

බලූකිස්ථානයට මෙරටින් වෙළෙඳ කාර්යාලයක්

බලූකිස්ථාන්හි උපායමාර්ගික වැදගත්කමක් සහිත ග්වාර්දර් වරාය නගරයේ වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කරන්නැයි පාකිස්ථානයේ බලූකිස්ථාන් ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභාවේ කථානායක මීර් ජාන් මුහමද් ඛාන් ජමාලී (Mir Jan Muhammad Khan Jamali) මහතා මෙරටින් ඉල්ලීමක් කර තිබේ. 

පාකිස්ථානයේ බලූකිස්ථාන් ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභාවේ කථානායකවරයා ප‍්‍රමුඛ ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභා මන්ත‍්‍රී පිරිසක් ඊයේ (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මුණගැසුණහ.

මේ වරාය සෑම දිනකම බොරතෙල් බැරල් මිලියන 16ක් බාහිර ලෝකය වෙත පිටත් කොට යවන ලෝකයේ වැදගත්ම තෙල් පර්යන්තය ලෙස සැලකෙන උපායමාර්ගික වැදගත්කමක් සහිත හර්මෝස් සමුද්‍ර සන්ධියට පිවිසුම් දොරටුවක් වන අතර ග්වාර්දර් වරාය චීනය සමග ආර්ථික සබඳතා පවත්වා ගැනීමේ පාකිස්ථාන ප‍්‍රයත්නයේ ද ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනී.

හම්බන්තොට වරාය පෙර අපර දෙදිග යා කරන ලොව වඩාත්ම කාර්යබහුල මුහුදු මාර්ගයට නාවික සැතපුම් 10ක් ඔබ්බෙන් පිහිටා ඇති බවත් ඓතිහාසික සේද මාර්ගය යළි සක‍්‍රීය කිරීමට වරාය ඉවහල් වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)