April 28, 2024

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ගේ අඩුවක්

පසුගිය වසරේදී ගෘහ සේවය සඳහා කාන්තාවන් විදේශ ගතවීම සියයට 6.4 කින් අඩුවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
 
2013 වසරේ ගෘහ සේවය සඳහා කාන්තාවන් 118 061 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එය පසුගිය වසරේදී 110492 ක් දක්වා අඩුවී ඇති බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.
 
කාන්තාවන් විදේශ ගතවීමේදී  පවුල් පසුබිම් වාර්තාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම සහ නීත්‍යානුකූල නොවන අයුරින් විදේශගතවන අය කෙරෙහි නීතිරීති දැඩිව ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙලෙස ගෘහසේවයට කාන්තාවන් විදේශ ගතවීම අවම වී ඇති බවද එම කාර්යාංශය වැඩිදුරටත් ප‍්‍රකාශ  කරයි.
 
Rate this item
(0 votes)