April 27, 2024

කොළඹට මොනෝරේල් එයි

ජපන් ජයිකා ආයතනය හා එක්ව 2035 වසර වනවිට කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් කෝටි 125,400ක වියදමින් ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවා ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

එම ව්‍යාපෘති අතර මොනෝරේල් සේවාවක් ඇරඹීම කොළඹ නගරයෙන් ගමන් අරඹන බස්රථ සේවා එක් ස්ථානයකට ගෙන ඒම සහ දුම්රිය හා බස් රථ සේවා සම්බන්ධීකරණය ද ඇතුළත් බව එම අමාත්‍යාංශය පවසයි.

කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදය නිසා අධික ඉන්ධන දහනයට අමතරව මිනිස් ශ‍්‍රමය දැඩි ලෙස අපතේ යන බව මේ වන විට හෙළි වී ඇත.

නව ව්‍යාපෘතිය නිසා වාහන මෙහෙයුම් වියදම වසරකට මිලියන 213,000ක් අඩුකර ගත හැකි අතර ගමන් වේලාවට අදාළ වියදම් අඩුවීම යටතේ රුපියල් මිලියන 136,000ක් අඩුකර ගත හැකිය. 

ඒ අනුව රුපියල් මිලියන 349,000ක දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභයක් කොළඹ ප‍්‍රවාහන සැලැස්ම මඟින් උදාකර ගත හැකි වනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)