May 04, 2024

ප‍්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ සූදානමක්

කලකට ඉහත දී වසා දැමුණු ප‍්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන් සතු සියලූ තැන්පත් මුදල් එළඹෙන අපේ‍්‍රල් මාසයට පෙර ගෙවා දමන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට උපදෙස් දී තිබේ.
 
කුඩා බැංකු ශක්තිමත් කිරීම ප‍්‍රධාන බැංකුවල වගකීමක් වන බවත් එය කිසිවිටකත් අභියෝගයක් සේ නොසලකා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
 
දෛනිකව අඩු ආදායම් ලබන්නන්ගේ තැන්පතු වර්ධනය කිරීම ද ප‍්‍රධාන බැංකුවල වගකීමක් වන අතර අඩු ආදායම් ලබන්නන්ගේ ඉතිරි කිරීම් සඳහා වැඩි පොලියක් ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
 
එමෙන්ම ඔවුන් ලබා ගන්නා ණය මුදල් වෙනුවෙන් අඩු පොලියක් ද අය කළ යුතු බව ද  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.
 
 
Rate this item
(0 votes)