May 04, 2024

වාහනයේ පොත ගෙදරදීම බලන්න - නවතම සේවාව මෙන්න

රථ වාහන පිලිබද තවත් නවතම ඉ-සේවාවන් 3ක් හදුන්වා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ‍ගෙන තිබේ.

ඒ අනුව වාහන ආදායම් බලපත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාල සීමාව දැන ගැනීම, වාහන කාණ්ඩයක අවසන් ලියාපදිංචි අංකය පිලිබද තොරතුරු දැන ගැනීම‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, වාහනයක අයිතිය පිලිබද තොරතුරු දැන ගැනීම,   මෙම නව ඉ-සේවාවන් ත්‍රිත්වය වේ. 

වාහන ආදායම් බල පත්‍රය කල් ඉකුත්වන සහ වලංගු කාල සීමාව දැන ගැනීම, වාහන කාණ්ඩයක අවසන් ලියාපදිංචි අංකය පිලිබද තොරතුරු දැන ගැනීම යන සේවාවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ www.motortraffic.gov.lk නිල වෙබ් අඩවියට සහ www.srilanka.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙන්ම ස්මාට් ජංගම දුරකථනයක් ඔස්සේ ලබා ගත හැකිවේ.

වාහනයක අයිතිය පිලිබද තොරතුරු දැන ගැනීමේදී ඉහත පහසුකම් වලට අමතරව ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලබාදීම මගින්ද දැන ගත හැකි බව නියෝජිතායතනය පවසයි.

වාහනයක අයිතිය පිලිබද තොරතුරු දැන ගැනීමේදී සීමිත තොරතුරු ප්‍රමාණයක් නොමිලේ ලබා දෙන අතර මෝටර් රථ ප්‍රවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සි‍ය අන්‍යතාවය තහවුරු කර මුල්‍යය ගෙවීමකින් පසු සවිස්තර වාර්තාවක් ලබා ගත හැකිවේ. මෙම මුල්‍ය ගෙවීම් ණයවර කඩ්පත් සහ ජංගම දුරකථන මගින් කළ හැකි වේ.

වර්තමානයේ ජන ජීවීතයට ඉතා තදින් බැදී පවතින  ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධව මෙසේ නව ඉ-සේවාවන් තුනක් හදුන්වාදීමට හැකි වීම ගැන සතුටු වන බවත් මේවන විට ඉ-සේවාවන් පණහක් පමණ හදුන්වා දීමට පියවර ගෙන තිබෙන බවත් එම නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පැවසීය.

 

  

 

Rate this item
(12 votes)
Last modified on Thursday, 12 March 2015 07:47