May 04, 2024

අමු තේ දළුවලට සහතික මිලක්

අමු තේ දළු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 80ත් 90ත් අතර මිලක් ගෙවීමට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
 
කුඩා තේ වතු හිමියන් විසින් අලෙවි කරන තේ දළු වලින් සියයට 60ට වඩා යහපත් තත්ත්වයේ පවතින නොමේරූ නොතැළුණු ගුණාත්මක තේ දළු සඳහා අදාළ සහතික  මිල ලබාදීමට නියමිතය.
 
පසුගිය මාසයේ දී අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල්  58ත් 62ත් අතර අගයක මිලක් ලැබී තිබිණි.
Rate this item
(0 votes)