May 04, 2024

NSB නව සභාපති අස්වින් ද සිල්වා 

ජ්‍යෙෂ්ඨ මූල්‍ය වෘත්තිකයෙක් වන අස්වින් ද සිල්වා මහතා විසින් ඊයේ (04) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නව සභාපතිවරයා ලෙස වැඩ භාරගන්නා ලදී.

ඇමෙක්ස් ආයතනය විසින් ”තත්වය හා ගුණාත්මකභාවය” සඳහා පිරිනැමෙන ඉහළතම සභාපති සම්මානය ද ඒ මහතා විසින් හිමි කරගෙන තිබේ. සිල්වා මහතා ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ සහ සෙලින්කෝ ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කර ඇත. 

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීමට ප‍්‍රථම ඒ මහතා ඔස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර ආයතනික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ක්‍ෂෙත්‍රයේ තනතුරු රැසක් දැරීය. අස්වින් ද සිල්වා මහතා ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනයේ, කළමනාකරණ  ගණකාධිකාරවරුන්ගේ වරලත් ආයතනයේ සහ ඔස්ටේ‍්‍රලියාවේ සහතිකලත් ගණකාධිකාරවරුන්ගේ සංගමයේ අධි සාමාජිකයෙකි.  

 

Rate this item
(0 votes)