May 04, 2024

වී මිල දී ගැනීම සාර්තකව

රජයේ සහතික මිලට වී මිලදී ගැනීම යටතේ මේ වනවිට වී මෙට්‍රික් ටොන් 2934ක් මිලදීගෙන තිබෙන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.
 
මාස් කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙන අතර එම මුදල් උපයෝගී කරගෙන සම්බා වී කිලෝවක් රුපියල් 50කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 45 ක මිලකට මිලදී ගනු ලබයි.
 
මේ යටතේ මේ වනවිට අස්වැන්න වෙළෙඳ පොළට නිකුත්වන දිස්ත්‍රික්ක 18ක වී මිලදී ගැනීම ආරම්භ කර තිබේ.
 
ආසන්න වශයෙන් ගොවීන් ලක්ෂයකින් වී මිලදී ගැනීමටත් ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
 
Rate this item
(0 votes)