May 04, 2024

උද්ධමනය පහළ යයි

February 28, 2015
2015 පෙබරවාරි මාසයේ උද්ධමනය 0.6% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 3.2% සිට සැලකිය යුතු පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 ජනවාරි මාසයේ 3.2% ක් ලෙස පැවති අතර, එය 2015 පෙබරවාරි මාසයේදී 0.6% ක් ලෙස මෙසේ ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.
 
2015 ජනවාරි මස ඉන්ධන මිල ගණන් පහළ දැමීම සහ 2015 අතුරු අයවැය යෝජනා අනුව ආහාර සහ ආහාර නොවන අයිතමයන්ගේ මිල ගණන්, ආනයන බදු අඩු කිරීම දර්ශකයේ මාසික පහළ යෑමට හේතු වී ඇති බවද මහ බැංකුව පවසයි.
 
Rate this item
(0 votes)