May 06, 2024

සමුපකාර රක්ෂණ සමාගමේ ජීවිත රක්ෂණය නව මගකට

February 24, 2015
සීමාසහිත සමුපකාර රක්ෂණ සමාගම තම මෙහෙයුම් කටයුතු ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ කටයුතු ලෙස වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යාම සියලුම ජීවිත රක්ෂණ හිමියන්ගේ ඉමහත් සතුටට හේතු වී ඇති බව සමුපකාර රක්ෂණ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක උපාලි හේරත් මහතා පවසයි.
 
රක්ෂණ ක්ෂේත්‍රයේ නීති රෙගුලාසි වලට අනුකූලව සංශෝධිත 2011 තුන්වන පනත යටතේ සමුපකාර රක්ෂණ සමාගමට අයත් වෙනමම ආයතනයක් ලෙස කෝප් ලයිෆ් රක්ෂණ සමාගම පවත්වාගන යනු ලබයි.
 
එමෙන්ම මෙලෙසින් විශේෂීකරණය වූ අංශ දෙකද සමගින් සමුපකාර රක්ෂණ සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු ඉතා උසස් අන්දමින් මේ වන විට වසර 15 කට අධික කාලයක් තිස්සේ සමබරව සිදු කරමින් සිටින බවද කළමණාකාර අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.
 
එලෙසින් ශක්තිමත් වූ සමුපකාර රක්ෂණ සමාගම ඉතා කෙටි කළකින් රුපියල් මිලියන 500කට අධික ආදායමක් උපයමින් මෙලෙස උප සමාගම් දෙකක් සහිතව කටයුතු ඉදිරියට කරගෙන යාමට තරම් ඉහළ දියුණුවක් ලබාඇති බවද ඔහු සඳහන් කරයි.
 
මෙම නව කෝප් ලයිෆ් රක්ෂණ සමාගම මෙරට තුළ රක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය වන බලපත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය වෙතින් ලබා ගත් අතර සමුපකාර රක්ෂණ සමාගම සතු මූල්‍යමය සහ මූල්‍ය නොවන සම්පත්වල හිමිකම් පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය අවසරයද උසාවිය මගින් ලබාගෙන තිබේ.
 
මේ අනුව පසුගිය ජනවාරි මස පළමු වැනි දින වන විට අවශ්‍ය සියළු මානව සම්පත් කෝප් ලයිෆ් රක්ෂණ සමාගම වෙත සමුපකාර රක්ෂණ සමාගම විසින් ලබා දී තිබුණි.
 
තවද ජීවිත රක්ෂණ ක්‍රියාවලියේදී අවශ්‍යවන අමතර මානව සම්පත් අත්දැකීම් වලින් අනූන නිළධාරීන් මෙන්ම නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද කෝප් ලයිෆ් රක්ෂණ සමාගම සතු වන අතර ඉතා නුදුරු දිනකදී නව නිවහනක් තුළට කෝප් ලයිෆ් රක්ෂණ සමාගමේ කාර්යාලයය ගෙන යාමටද නියමිතය.
 
Rate this item
(0 votes)