May 06, 2024

වී මිලදී ගැනීම ඇරඹෙයි

February 24, 2015
වී අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන දිස්ත්‍රික්ක 18 පුරාම වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කර තිබේ.
 
මේ අනුව පළමු අදියරේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02 ක් වී අලෙවි මණ්ඩලයට මුදාහැරි බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 
 
සෑම ගොවියෙකුගෙන්ම වී කිලෝග්‍රෑම් 2000 බැගින් මිලදී ගන්නා බවත්, මේ නිසා රජයේ සහතික මිල යටතේ සෑම ගොවියෙකුටම වී කිලෝ 2000 ක් විකුණා ගත හැකි බවත් ඔහු පවසයි.
 
වී අස්වැන්න නෙළීම අවසන් වනතෙක් වී මිලදී ගැනීමට කටයුතු කර තිබෙන බැවින් අඩු මුදලට පෞද්ගලික වෙළෙඳුන්ට වී ලබානොදී වී අලෙවි මණ්ඩලයට වී ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් ද කර තිබේ. 
Rate this item
(0 votes)