May 06, 2024

‘ස්කයි ෆියෙස්ටා 2015’ ලබන 28 වැනිදා

February 23, 2015

‘ස්කයි ෆියෙස්ටා 2015’ වැඩසටහන රාජකීය විද්‍යාලයීය ගුවන් පියාසර සංගමයේ සහයෝගයෙන් ලබන 28 වැනි දා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් වූ වැඩසටහන් සංවිධානය කිරීම සහ ඉදිරිපත් කිරීමේ අරමුණින් ඒවිඒෂන් වොයිස් (Aviation Voice ) ස්වේච්ඡා සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරයි. ඒවිඒෂන් වොයිස් (Aviation Voice) යනු ගුවන් කර්මාන්තයට දැඩි උනන්දුවක් මෙන්ම කැමැත්තක් දක්වන ස්වේච්ඡා පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. 

පැරා මෝටරින් සංදර්ශනයක්, දුරස්ථපාලක ගුවන් යානා සංදර්ශන, වැඩමුළු, ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රීඩා කලාප (Game Zones), දැනුම මිනුම තරග ආදී ඉසව් රාශියක් මෙහිදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තය සමඟ සම්බන්ධ වී සිටින බොහෝ පිරිසක් ද ස්කයි ෆියෙස්ටා 2015 සමඟ එක්වීමට නියමිතය.   

මෙම වැඩසටහන සඳහා මේවන විටත් ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ පිරිස්, ගුවන් සමාජ, පාසල් සිසුන් සහ පොදු මහ ජනතාව ද බොහෝ සෙයින් උනන්දු වන බව දක්නට ලැබෙන අතර එය ශ්‍රී ලංකාවේ අනාගත ගුවන් කර්මාන්තයේ යහපත සඳහා ඍජු ලෙස දායක වනු ඇත.    

ගුවන් කර්මාන්තය පිළිබඳ මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම වැඩසටහන වන ‘ස්කයි ෆියෙස්ටා 2015’  සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසලයි.

 

Rate this item
(0 votes)