May 06, 2024

පීපල්ස් ලීසිං බත්තරමුල්ල ශාඛාවෙන් තවත් සමාජ මෙහෙවරක්

February 20, 2015
සිලෝන් වෙස්ට් මැනේජ්මන්ට් (Ceylon Waste Management)ආයතනය සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන ශාඛාවේ CRM අංශය සමග එක් ව පීපල්ස් ලීසිං බත්තරමුල්ල ශාඛාව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්ක්‍රීය කිරීමේ වැඩසටහනක් අරම්භ කර තිබේ.
එම වැඩසටහන ඉකුත් 18 වැනි දා බත්තරමුල්ල පිපල්ස් ලීසිං ශාඛා පරිශ්‍රයේ දී පැවැත් විය. 
 
මෙහි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2015.02.05 වැනි දා සිට 2015.02.08 වැනි දා දක්වා පැවැත් විය. ඉලෙක්ට්‍රොනින අපද්‍රව්‍ය එකතු කිරීමේ සතිය 2015.02.09 වැනි දා සිට 2015.02.13 වැනි දා දක්වා පවත්වා තිබේ.
 
එකතු කර ගත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සංකේතාත්මක ව සිලෝන් වෙස්ට් මැනේජ්මන්ට් ආයතනය වෙත භාර දීම 18 වැනි දා සිදු වූ අතර එහි ප්‍රධාන ශාඛාව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් තෙන්නකෝන් මහතා ද CRM අංශය වෙනුවෙන් රොෂ්නි මෝතා මහත්මිය ද සහභාගී වී ඇත.
 
ශාඛා පරිශ්‍රයේ දී පැවති මෙම උත්සවයට බත්තරමුල්ල ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ශිරෝන් රණසිංහ මහතා, එහි උප ප්‍රධන නිලධාරී සනත් රත්නායක මහතා ඇතුළු එහි සියළු කාර්ය මණ්ඩලය සහභාගී වී තිබේ.
 
මෙය එක් දිනකට පමණක් සීමා වූ වැඩසටහනක් නොවන බවත් බත්තරමුල්ල පීපල්ස් ලීසිං ශාඛාව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දිගටම ක්‍රියාත්මක කරන බවත් බත්තරමුල්ල ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ශිරෝන් රණසිංහ මහතා සඳහන් කළේ ය.
 
සතියේ වැඩ කරන ඕනෑම දිනක පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වා එම ද්‍රව්‍ය භාරදිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
Rate this item
(0 votes)
Last modified on Friday, 20 February 2015 10:25