May 04, 2024

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

February 19, 2015
දේශීය අර්තාපල් ගොවියා නගා සිටුවීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රජය විසින් පනවා ඇති බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නංවා ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
 
මේ වනවිට දේශීය වශයෙන් වගා කෙරුණු මහ කන්නයේ අර්තාපල් වෙළඳපොලට ලැබෙමින් පවතින අතර ඒවා දැනට කිලෝවක් වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකටයි.
 
කෙසේ නමුත් නව බද්ද මගින් දේශීය සහ ආනයනික අර්තාපල් මිල සමාන මට්ටමක පවත්වාගැනීම රජය අපේක්ෂාව බව ද සඳහන්.
 
Rate this item
(0 votes)