May 17, 2024

නාමල් - මහින්දානන්ද සීතල යුද්ධයක : මහින්දානන්ද විරෝධය පෑ දෙපලක් ක්‍රීඩා සභාවට පත් කරයි Featured

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පාවා දුන්නා යයි එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරණ ලද චෝදනාවන්ට එරෙහිව ප්‍රබල හඬක් නැගූ එම තරඟයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් කුමාර් සංගක්කාර හා එම තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලැබූ මහේල ජයවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රීඩා සංගමයට පත්කිරීම විශේෂත්වයකි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පවා දුන් බවත් ඊට ක්‍රීඩකයන් සම්බන්ධ නොමැති බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා මහමැතිවරණයට පෙර විශේෂ එළිදරව්වක් කරන ලදී.

එහෙත් ඊට පිළිතුරු දුන් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන යන මහත්වරුන් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩකයන්ගේ සම්බන්ධයක් නොමැතිව තරගයක් පාවා දීමට නොහැකි බවත් ක්‍රීඩකයන් එසේ පාවාදීම කර ඇත්නම් එය ඔප්පු කරන ලෙසත්ය.
ඉන්පසු මේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ ක්‍රීඩා දූෂණයන් පිටුදැකීමේ පොලිස් ඒකකය එවැනි සිදුවීමක් සිදුවී නොමැති බව වාර්තා කරන ලදී.

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මහේල ජයවර්ධන මහතාව ශ්‍රී ලංකා ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයටත් කුමාර සංගක්කාර මහතාව එහි සාමාජිකයකු ලෙස ගත් පත්කර තිබේ.

Last modified on Friday, 28 August 2020 10:54