May 17, 2024

2015 ඒකාබද්ධයට 54යි, අද සමඟියටත් 54යි - 2015 යහපාලනයට 150යි, අද පොහොට්ටුවටත් 150යි : 2024 මොකද වෙන්නේ ? Featured

2015 පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒකාබද්ධ විපක්ෂය සහ වර්තමාන ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගය අතර බොහෝ සමානකම් තිබේ.

2015 එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 95 දෙනා අතුරින් 41 දෙනෙකු යහපාලන ජාතික ආණ්ඩුවට එකතු විය.

ඒ අනුව 54 දෙනෙකු දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ලදී.

වර්තමානයේ ප්‍රධාන විපක්ෂය වන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය නියෝජනය කරන්නේ ද මන්ත්‍රීවරු 54 දෙනෙකි.

2015 යහපාලන ජාතික ආණ්ඩුවට එජාපය ප්‍රමුඛ අන් පක්ෂ වලින් 109ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 41 ද ඇතුලත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150කගේ සහය හිමිව තිබිණි.

වර්තමාන පොදුජන පෙරමුණු ආණ්ඩුවටද ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 145 හා සන්ධානගත පක්ෂ වල මන්ත්‍රීවරු 05 දෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු 150කගේ සහය හිමි වී තිබේ.

2015 දී ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රීවරු 54 දෙනෙකුගෙන් ආරම්භ කළ ගමන අවසන් කළේ 2019 ජනාධිපතිවරයෙකුත් 2020 දී තුනෙන් දෙකක බලයක් ඇති පාර්ලිමේන්තුවකුත් ජයග්‍රහණය කරවමිනි.

වර්තමාන ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයට ද 2024 දී එම ඉල්ලක වලට ලඟා විය හැකිද?

Last modified on Thursday, 27 August 2020 09:21