May 17, 2024

සජිත් මංගලට කියූ කරුණකුත් ඉවත් වෙන්න බලපාලා Featured

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එළඹෙන මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික් අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට ඔහුට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කල කරුණක් ද බලපා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස හා මංගල සමරවීර යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී සිදු වුන මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමරවීර මහතා දැඩි කලකිරීමකට හා හිත් තැවුලකට පත් වී තිබෙන බවද වාර්තා වේ.

මංගල සමරවීර මහතාගේ බෞද්ධ විරෝධී ප්‍රකාශ මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාවට බදු පටවා දුන් පීඩනය මත එක්සත් ජාතික පක්ෂ පාක්ශිකයන්ගේ පවා විරෝධය සමරවීර මහතාට එල්ල වී තිබුනි.

Last modified on Saturday, 13 June 2020 13:20