ඉකුත් 09 වැනිදා කොල්ලුපිටිය තානාපති කාර්යාලය ඉදිරිපිට දී හා ලිප්ටන් වටරවුම අසලදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජීකයින් 53 දෙනාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නිරෝධායනයට යැවීම සඳහා ලැයිස්තු සුදානම් කර තිබූ බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.
මෙම ලැයිස්තු සකස් කර තිබෙන්නේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ දී වන අතර එම අවස්ථාවේ දී බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එහි රැඳී සිටි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා එ්ෂියන් මිරර් වෙත ප්‍රකාශ කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 53 දෙනා සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය ගොනු කළ චෝදනා මත ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර වෙතැයි යන විශ්වාසය මත මෙම ලැයිස්තුව සැදූ බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් අත්අඩංගුවට ගත් අය ඉදිරිපත් කර අධිකරණ විසින් 53 දෙනාම ඇප මත මුදා හරින ලදී.