May 02, 2024

මංගලගේ ඉවත් වීම පිටුපස රනිල් - සජිත් පිලේ මාතර ලැයිස්තුව කඩාකප්පල් වෙලා Featured

මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමැති මංගල සමරවීර මහතා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වීමේ දේශපාලන ක්‍රියාදාමය නිසා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද ඒ මහතා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමඟි ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

Last modified on Thursday, 11 June 2020 10:39