April 26, 2024

කොරෝනා ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානම උපරිම මට්ටම පසු කර - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් Featured

කොරෝනා වෛරසය පිළිබඳව මෙරට තුළ පරික්ෂණ කරන විශේෂඥයින් පවසන අන්දමට මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානම උපරිම මට්ටම පසු කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

අද (15) රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ වෛසරය පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන නොගියහොත් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකිබවයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 233ක් හඳුනාගෙන ඇත.

ඊයේ (14) දිනයේ දී පමණක් නව ආසාදිත පුද්ගලයින් 15 දෙනෙකු සොයාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානයන් හී රඳවා සිටි අය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කළ සිටියා.

Last modified on Wednesday, 15 April 2020 12:51