March 29, 2024

ලබන 25 වන දා වනතුරු ජනපතිට මැතිවරණය ගැන ප්‍රකාශ සිදු කළ නොහැකියි - ගම්මන්පිල Featured

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පවසන ආකාරයට මහ මැතිවරණයක් කඩිනමින් පැවැත්වීමේ හදිසියක් ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයට නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. 

එම පක්ෂ දෙකේ නියෝජිතයන් පසුගිය දිනවල කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු ඊයේ(13) මේ බව සඳහන් කළේය.

අප්‍රේල් 25 වන දා පසුවන තුරු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

මැතිවරණය කලින් පැවැත්විම හෝ මැතිවරණය කල්දැමිම සම්බන්ධයෙන් රජය කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසී ය.

Last modified on Tuesday, 14 April 2020 12:30