April 28, 2024

ඉදිරි සති එකහමාරක් තුළදී ජනපති අපේක්ෂකයා තීන්දු කරනවා - සුජිව Featured

ඉදිරි සති එකහමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන බව අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි.

ඊයේ (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසට රැස්වුණි. 

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද එම මැති ඇමතිවරුන් සඳහා ලබාදී තිබේ.

Last modified on Thursday, 29 August 2019 12:31