March 29, 2024

වෙල්ගමව අපි කවුරුත් අපේක්ෂකයෙක් කරලා නෑ - දයාසිරි Featured

එක කකුලක් එජාපයේ සහ අනෙක් කකුල තවත් පක්ෂයක තබා සිටින අයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න තියෙන ඉඩ කඩ අවසන් වෙමින් යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හා අනෙක් පක්ෂවල සාමාජිකත්වය ගනු ලැබු අයට එරෙහිව යම් තීන්දුවක් ගන්නේ නැත්තේ ඇයි යනුවෙන් යෝජනාවක් පැමිණි බවත් ජයසේකර මහතා පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

ප්‍රශ්නය-
සන්ධානගත වීම ගැන ධනාත්මක තත්ත්වයක් තියෙනවා කියනවානේ.දැන් මොකක්ද ජනාධිපතිවරයාගේ භූමිකාව සන්ධානය තුළ?

අනාගතයේ කතා කළ හැකි කාරණාවක් වන බවත් පැවසු මන්ත්‍රීවරයා “ජනාධිපතිවරයා නිරන්තරයෙන් කියන කරුණක් වන්නේ එතුමා ගැන සිතා පක්ෂයේ තීරණ ගන්න එපා “ යනුවෙන් ද මන්ත්‍රී පැවසීය. 

“මට මොකද වෙන්නේ කියලා කතා කරන්න එපා කියනවා.අපි අහද්දිත් එතුමා කතා කරලා නැහැ“ යනුවෙන්ද ජයසේකර මහතා මෙහිදී පවසා සිටියේය.

ප්‍රශ්නය- ඔබතුමාලා යෝජනා කරනවාද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්න කියලා?

දැනට ජනාධිපතිවරයා පක්ෂයක සාමාජිකයෙක් නොවීම ගැන සතුටු වන බවත් පැවසු ජයසේකර මහතා, ඔහු ජාතික නායකයෙක්  බවත් පැවසීය.

ඔහු ප්‍රතිපත්ති මත රට කරන්න හිතන නායකයෙක් බවත් පැවසු මන්ත්‍රීවරයා, එතුමා කැමති නම් පක්ෂ සාමාජිකත්වය දෙන්න පුළුවන් යනුවෙන් කියා සිටියේය.

ප්‍රශ්නය-  පොහොට්ටුව තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කරලා ඉවරයි. ඔබතුමන්ලාට තීරණය කරන්න වෙනවා, ජනතාවට කියන්න වෙනවා  ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඒ සඳහා සුදුසුකම් තියෙනවා ද කියලා ඔබතුමාලා පිළිගන්නවාද නැද්ද කියලා ?

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බවත් පැවසු ජයසේකර මහතා, කුමාර වෙල්ගම මහත්තයා
අපේක්ෂකයෙක් ලෙස කවුරුත් නම් කරලා නැහැ යනුවෙන් ද පැවසීය.
 

Last modified on Wednesday, 28 August 2019 13:52

Related items