May 25, 2020

එදා බඩුමිල ඉහළ ගියාම දැන් සැපද කියලා අහපු නායකයෝ අද ඒ ගැන කතා කරන්නේ නෑ. නොමිලේ බඩු මල්ලත් දෙනවා කිව්ව ආණ්ඩුව අපි දුන්න පෝෂණ මල්ලත් නවත්වලා යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

‘අපේ කාලේ බඩු මිල ඉහළ ගිය අවස්ථාවල ආණ්ඩුවට එය පාලනය කරන්න බෑ කියලා දොස් කිව්වා. ජිවන වියදම ඉහළ ගිහින් ජනතාව ජිවත්වෙන්නේ අමාරුවෙන් කිව්වා. වේදිකාවල අපිට බැන්නා. එළවලු මලු පෙන්නුවා. මේ ආණ්ඩුව යටතේ තත්වය එයයි.’

‘නමුත් අපි කිසිවිටෙක දැන් සැපද කියලා අහන්නේ නෑ නමුත් බඩු අඩු කලා නම් බඩු මිල අඩුවෙන්න ඕනෑ. අපි දුන්න සහනාධාර ජනතාවට අහිමි කරලා තිබෙනවා. සියල්ල ප්‍රෝඩාකාරි විදියට වෙනවා. ආඛ්ඩුව එය පාලනය කරන්න අසමත් වෙලා තිබෙනවා.’ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව සියලු පක්ෂවල සහයෝගය ලැබුණු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ඒ මහතා මෙසේ පැවසීය.

"එක මන්ත්‍රීවරයෙක් ඇර 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය 2015 දී පාර්ලිමේන්තුවේ හිටපු සියලු මන්ත්‍රීවරු සහයෝගය ලබාදුන්නා. මේක එජාපයට ඕනේ හින්දා ගෙනාපු එකක් නෙවෙයි. එතකොට විපක්ෂේ හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම, ශ්‍රීලනිපය ඔක්කෝම එකතු වෙලා මේක පාර්ලිමේන්තුවේ සම්මත කළේ. ඇයි ආණ්ඩුව මාරු වුණු ගමන් මේක ආයේ වෙනස් කරන්න ඕනේ කියන්නේ? එදා මොකටද එහෙනම් සහයෝගය දුන්නේ? මම තාම හිතන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහතා මේකට ඉඩ දෙයි කියලා. මොකද මේකට ඉඩ දුන්නොත් එතුමාගේ බලය තමයි කප්පාදු වෙන්නේ. එජාපය විදිහට අපි කිසි විටකත් එකඟ වෙන්නේ නෑ 19 වන සංශෝධනය නැවත හරවන්න."

පාර්ලිමේන්තුවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය පිළිබඳව ලබන දෙවනදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී කථානායකවරයාව දැනුවත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් වත්මන් රජය එම සම්ප්‍රදායට ගරු නොකර විනය ගරුක රටක් හදන බව ප්‍රකාශ කරන බවත් ඒ මහතා පැවසීය.

එසේම අවසන වී ඇති නඩුවක් නැවත පරීක්ෂණයට ලක් කිරීමේ කිසිදු ගැටලුවක් නැති නමුත් ඒ සඳහා යොදා ගතයුතු නිසි ක්‍රමවේදයෙන් තොරව දේශපාලන පළිගැනීමක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුවු බවත් මුජිබර් රහුමන් මහතා පැවසීය.

රටේ වැදගත්ම ආයතන එකසීය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයක් නොමැතිව පිං පඩි සහ වරප‍්‍රසාද ලබමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

2015ට පෙර රාජපකෂ ආණ්ඩු සමයේ කාර්යබාරයක් නොමැතිව පත්කළ ඇමැති තනතුරටම අද රාජ්‍ය අමාත්‍යවරුන් පත්ව ඇති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන්  මහතා මෙසේද කීය.

‘‘මේ නව රජය බලයට පත්වෙලා කැබිනට් මණ්ඩලයක් පත්කරලා ඒ අමාත්‍යාංශ යටතේ එන ආයතන ගැසට් කර තිබෙනවා. ඒ ආයතන දිහා බලපුවාහම ආරක්ෂක අමාත්‍යාංශය  යටතට ආයතන තිස් ගණනක් පත්කරලා තියෙනවා.

අපේ  යහපාලන රජය යටතේ අපි සිවිල් ආයතන,  දෙපාර්තමේන්තු ලෙස පවත්වාගෙන ආ ආයතන පවා ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව වෙනත් අමාත්‍යාංශ යටතේ තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය නොවන සංවිධානවල මහලේකම් ආයතනය, කාළගුණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය ආදී ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙනත් තිබෙනවා.

ආයතන තිස් ගණණක් ආරක්ෂක අමාත්‍යාංශහය යටතට ගෙනාවත් අද වනතෙක් ආරක්ෂක අමාත්‍යවරයෙක් නැහැ. කවුද රටේ ආරක්ෂක ඇමති කියලා මේ රජය වහාම රටට හෙළි කළ යුතුයි.

19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යධුර දරන්න බැහැ.  ජනාධිපති රටේ සේනාධිනායකයා විදියට ඉන්නවා. එතකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා.  නමුත් මේ ආයතන එකක්වත්  එයාගේ යටතට ගැසට් කරලත් නැහැ. එයා නමට රාජ්‍ය ආරක්ෂක ඇමැති පමණයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට  රටේ වටිනාම ආයතන ගැසට් කරලා තිබුණත් ඒවායේ වගකීම බාර ගන්නේ කවුද කියලා තවම අපට ප‍්‍රහේලිකාවක්. ජනාධිපති ආරක්ෂක  ඇමතිද, එහෙම නැත්නම් වෙන කවුරු හරි ආරක්ෂක  අමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවද? ආරක්ෂාව සම්බන්ධයෙන්  වගකිවයුත්තා කවුද කියන එක පැහැදිලි කළ යුතුයි.

දැන් කැබිනට් ඇමතිවරු 16ක් ඉන්නවා. අමාත්‍යාංශ 29ක් තිබෙනවා. සමහර කැබිනට් අමාත්‍ය්‍යවරුන්ට අමාත්‍යාංශ දෙක බැගින් ගිහින් තියෙනවා. දැන් අගමැතිතුමාට  අමාත්‍යාංශ  තුනක් අයිති වෙනවා. එතුමගේ අයියට අමාත්‍යාංශ දෙකක් තියෙනවා. ඒ වගේ සමහර අයට  අමාත්‍යාංශ දෙකයි. සමහර අයට එක අමාත්‍යාංශය බැගින් බෙදලා දීලා තියෙනවා.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
 
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබීමට නියමිත ප‍්‍රගතිශීලි මුස්ලිම් ඡන්ද වැළැක්වීම මෙහි අරමුණ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්  මහතා මෙසේද කීවේය.
 
 ‘‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද වැළැක්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් එක්ව එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාල සීමාව තුළ මුස්ලිම් ජාතිකයන්  අන්තවාදය දෙසට ගෙන ගිය හිස්බුල්ලා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට ඉදිරිපත්වී සිටිම ගැන උපවාස කළ අතුරලියේ රතන හිමියන් හා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන්ගේ ස්ථාවරය රටට හෙළි කළ යුතුයි. හිස්බුල්ලා, කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුළු අන්තවාදී හා ජාතිවාදී කොටස් පමණක් ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටිනවා.  ඔවුන් බලයට පැමිණියහොත් රටතුළ අන්තවාදි හා ජාතිවාදී ගැටුම් යළි ඇතිවිය හැකියි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයින් තවත් අපේක්ෂකයින්ගේ සහයට ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ඉදිරිපත්වී සිටින්නෙ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන නෙමෙයි. මෙවැනි මැතිවරණයකට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ නොහැකි බව 1989 සිට පාර්ලිමේන්තුවේ සිටි ඔහු දන්නවා. පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්නා."

"ජනාධිපතිවරයා විසින් ඔහු නැගෙනහිර ආණ්ඩුකාරධූරයට පත් කළ පසුයි වත්මන් ආණ්ඩුවට අවාසිදායක ලෙස ඔහු හැසිරුණේ. ඒ විදියට ප‍්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂට හෝ ගොඨාභය රාජපක්ෂට විරුද්ධව ඔහු කිසිදු අවස්ථාවක අදහස් පළකළේ නැහැ. දැන් කියනවා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ බව. ඔහු ඉදිරිපත් වුණේ ඇයිද කියා අපි සොයා බැලිය යුතුයි. එස්.බී.දිසානායක කියා තිබෙනවා හිස්බුල්ලා ඉන්නේ ගෝඨාභය දිනවන්න කියලා. ඒ කියන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන මුස්ලිම් ඡන්ද අඩුකරන්න හිස්බුල්ලා ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි. විශ්වවිද්‍යාලයක් හදන්න කියා පිටරටින් මුදල් ගෙන්වාගත් බවට ඔහුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒවායෙන් ගැලවෙන්න බැසිල් රාජපක්ෂ එක්ක එකඟතාවයකට ආවාද කියන සැකය ඇතිවෙනවා. ඒ ගිවිසුම මොකද්ද කියලා රටට හෙළිකළ යුතුයි. මුස්ලිම් ඡන්ද 15,000ක් තියාගෙන ඔහු නටන නාඩගම මොකද්ද කියලා කිව යුතුයි. ජාතිවාදී ප‍්‍රශ්නයක් රට තුළ නිර්මාණය කරන්න බැසිල්, කරුණා, පිල්ලෙයාන්, හිස්බුල්ලා ගහපු ගිවිසුම හෙළි කළ යුතුයි. මොවුන්ට තියෙන එකම අරමුණ ජාතීන් අතර වෛරය ඇතිකරලා ඡන්ද ලබාගැනීම පමණයි. පසුගිය කාලය පුරාවට මොවුන් සිදුකළේ එය පමණයි. පසුගිය කාලයේදී රතන හිමියන් හිස්බුල්ලාට විරුද්ධව උපවාස කළේ එකඟතාවයකින්ද කියන සැකය ඇතිවෙනවා. මොවුන් සියලුදෙනා දැන් ඉන්නේ එකම වේදිකාවේ”යනුවෙන් පවසා සිටියේය.

අන්තවාදයට, බෙදුම්වාදයට සහ ත්‍රස්‌තවාදයට සම්බන්ධකම් ඇති බව පවසමින් දේශපාලකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කළත් ඒවා සැකයෙන් තොරව ඔප්පුකර නොමැති නිසා ඔවුන් තවදුරටත් නිවැරදිකරුවන් බවත් ඔවුන් සමඟ දේශපාලන ගමනක්‌ යැමට එක්‌සත් ජාතික පෙරමුණට අභියෝගයක්‌ නොවන බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
 
රිෂාඩ් බදියුදීන්, ඒ. එම්. එල්. හිස්‌බුල්ලා, මුජිබුර් රහුමාන්, හලීම්, අසාද් සාලි වැනි දේශපාලනඥයන්ට නොයෙක්‌ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවත් ජනාධිපති කොමිෂන් සභා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, බුද්ධි අංශ වාර්තා සහ පොලිස්‌ වාර්තා මගින්ද ඔවුනට එරෙහිව කිසිදු චෝදනාවක්‌ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
චෝදනා සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ මෙන්ම, හිටපු ජනාධිපති විපක්‌ෂ නායක මහින්ද රාජපක්‍ෂ ද අමතක කළ නොහැකි බව ද කී රංගේ බණ්‌ඩාර මහතා චෝදනා තිබූ පමණින්ම කිසිදු පුද්ගලයකු වැරදිකරුවකු වන්නේ නැති බව ද කියා සිටියේය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන් සමග පිරිසිදු ගමනක්‌ යමින් තම පෙරමුණේ අපේක්‌ෂකයා ජයග්‍රහණය කරවීමට ක්‍රියාකිරීමට ක්‍රියා කරන බව ද හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කීවේය.

එළඹෙන බදාදා දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ කෘතියාධිකාරී මණ්ඩලය එක් මතයතට පැමිණි ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඊයේ (23) කොළඹ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ව්‍යවස්ථාවට අනුකූලව කෘතියාධිකාරී මණ්ඩලයත්, පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ව අපේක්ෂකයා තීන්දු කරනු ලබන අතර, එන් පසුව එක්සත් ජාතික පෙරමුණේ සිටින නායකයින්ට අපේක්ෂකයා සම්බන්ධයෙන් මතවාදය ඉදිරිපත් කල හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

සුළු පක්ෂ සියල්ල සිටින්නේ අපි සමඟ බවත් පැවසු රහුමාන් මහතා, දැන් අපේක්ෂකයින් වැඩි වී තිබීම ගැටළුවක් බවත් පැවසීය.

අනෙක් අයට අපේක්ෂකයන් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, ඔවුන්ට ඇත්තේ රාජපක්ෂලා විතරක් බවද සඳහන් කළේය.

අපේක්ෂකයෝ ගොඩක් ඉන්න නිසා සියලු දෙනා ගැනම බැලිය යුතු බවත් පැවසු ඒ මහතා එය හොඳ තත්ත්වයක් බවත් පැවසීය.

එයින් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින නායකයින් ප්‍රමාණය සිතා ගත හැකි බවත් පැවසු ඒ මහතා, මෙය පවුලේ පක්ෂයක් නොවන බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාට සියලු බලතල තිබිය දී 2015 දී පරාජය කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිඵලය මෙවරත් ලැබෙන බවත් පැවසීය.

කිසිවෙකු ඡන්ද වැඩ සටහන් සඳහා රජයේ මුදල් යොදවන්නේ නැති බවත්, ඕනෑම අයෙකුට තොරතුරු පනත මඟින් ඒ පිළිබඳ තොරතුරු දැන ගත හැකි බවත්ය.

ආණ්ඩුවේ වියදම් ගැන ඕනෑම දෙයක් ඉල්ලා ගත හැකි බවත්, මැතිවරණයේ දී ජනතාවගේ තීන්දුව බලමු යනුවෙන් ද මුජිබර් රහුමාන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් තවමත් ප්‍රකාශ නොකරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති අකැමත්ත නිසා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ වන තෙක්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම පිළිබඳ නිශ්චිත මතයක් ප්‍රකාශ කර නොමැති අතරම පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද අපේක්ෂකයා පත් විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් බවට පත් කරන්නේ නිශ්චිත අදහසක් දැක්විය නොහැකි නිසාවෙන් බවත් ඔහු කියා සිටියි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කර දීර්ඝ කාලීන අත්දැකීම් ඇති බැවින් ඔහුට ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කැමැත්තක් නැති බව පෙනී යන බව වැඩිදුරටත් කියා සිටියේය.

මහබැංකු අධිපතිධූරයට අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම අගමැති ගත යුතු බවට කෑ මොර දුන් අය ආරක්ෂක ලේකම් ධූරයට හේමසිරි ප්‍රනාන්දු පත් කිරීමේ වගකීම ගන්නේ කව්දැයි විමසනේනේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කිරීමෙන් රටේ කිසිදු පුරවැසියකුගේ ජිවිත හානි නොවුණ ද ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් අහිමිවූ බවට නැගෙන චෝදනාවෙන් තනතුරට පත් කළ අයට ගැලවීමක් නැතැයිද මන්ත්‍රීවරයා කීය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ කීවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීය.

පොලිස්පති වශයෙන් පුජිත් ජයසුන්දර මහතා පත් කෙරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් බවට කර තිබෙන ප්‍රකාශ පිළිබඳව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී හමුවේදි දීර්ඝ වශයෙන් කරුණු ප්‍රකාශ විය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපති නියෝජිතයා ද සිටින බව අමතක කරමින් රටට වැරදි පණිවුඩයක් යැවිනැයි ද එහිදි මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කිරීම තනි අභිමතය පරිදි  සිදුවුවක් යැයි ද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Page 1 of 2