May 02, 2024

තවත් රාජ්‍ය ඇමතිවරයෙකුගේ නිවසක් වටලයි (PHOTOS)

වතු නිවාස සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතාගේ තලවකැලේ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට එක්රැස් වු වතු කම්කරුවන් පිරිසක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත්වන ලෙස ඉල්ලමින් ටයර් පුළුස්සමින් අද (28) විරෝධතාවයක නිරත වූ බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

වත්මන් රජයේ අවිධිමත් පාලනය හේතුවෙන් වතු කම්කරුවන් දැඩි අපහුසතාවයන්ට හා ආර්ථික දුෂ්කරතාවයන්ට ලක්ව ඇති අවස්ථාවක රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගැනීම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් වහාම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙස විරෝධතාවයේ නිරත පිරිස් සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයාට හා රජයට මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විවිධ සටන්පාඨ ප්‍රදර්ශණය කරමින් හා කෑ ගසමින් වතු කම්කරුවන් මෙහිදී විරෝධය පාන ලද අතර එහිදී වතු කම්කරුවන් හා පොලීසිය අතර උණුසුම්කාරී තත්තත්වයක් ද ඇති වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(0 votes)